.jpg)
කාලෙකට පස්සෙ ආයෙමත් වතාවක් මගේ ජිවිතේ ආසම කරන තැනකට මම ආයෙමත් ආවා.
ඉතින් ලියන්න නම් හුගාක් සතුටු හිතෙන දේවල් වගේම හුගාක් දුක හිතෙන දෙවලුත් තියෙනව....
"ඔබේන් තොර ලොකයක් කොයින්දෝ......?"
ජිවිතේ හුගාක් තනි උනු වෙලාවකට තමන්ට කියලා කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් කියලා හිතෙන තැන් ඔනාවටත් වඩා මට පහුගිය දවස් ටිකේ තිබුනා...
හිත හදා ගන්න හදපු හුගාක් වෙලාවට කඩන් වැටුනා...
බලාපොරොත්තු සේරම අතැරලා දාපු හුගාක් වෙලාවට ජිවිතේට අලුත් බලාපොරොත්තුවක් අරං නුඹ ආවා.....
එ මොහොතට ජිවිතේ ආයෙමත් වතාවක් අලුත් උනා වගේ මට දැනුනා..
මම එ අලුත් වීමට ආදරය කලා... ආශා කලා....
එත් හැම දේම සිතුවිල්ලක් වෙලා ආයෙම වතාවක් කඩන් වැටුනා....
දැන් ඉතිං මම ජිවිතෙන් තවත් වතාවක් නැගිටින්න උත්සහා කරනවා තනියම ම එත් එ ජිවිතේ ජිවත් වෙන්න ආස කරන්නේ මාව විටින් විට නැගිටව නැගිට්ටව වට්ටවන නුඹත් එක්කමයි කියන වග නුඹ දන්නවද............????
හැමදාකම මම ආදරෙයී අදටත් වඩා වැඩියෙන් බිදක් හෝ නුඹට......