Thursday, March 25, 2010

අතරමං වු ජිවිතය (5)

සතියක් ම නිකම්ම නිකන් ගෙවිලා ගියා කිවුවොත් වැරදී
දුක ගොඩාක් ලඟ සතුටත් සැහෙන්න තිබුනු සතියක අවසානයට කෙමෙන් කෙමෙන් මම ලං වෙමින් හිටියා.
සෙනසුරාදා සුපුරුදු විදිහට ආයෙමත් මම අපේ අක්කගේ විශ්වකොෂයට අනුව නම් තංගච්චි පන්ති යන්න ලැස්ති උනා.
අද නම් යාන්තමට 8.30 ට කලින් පන්තියට ගියා.
සුපුරුදු ලෙසම එදා තැනින්ම වාඩි වෙලා අනිත් අය එනකන් බලන් හිටියා.
සම්පත් අයියා නම් ඔක්කොටොම කලින් ඇවිල්ලා.
මම සම්පත් අයියා එක්ක අනිත් අය එනකන් කැන්ටින් එක පැත්තට ගියා.
උදෙන්ම සුපුරුදු ප්ලෙන් ටි එකක් බොන්න හිතාගෙන.
ලොකු කොප්පයක් හොද හොද ඉන්න ගමන් එතනට එක පාරටම කඩන් පාත් උනේ මගෙ ඔලුවෙ කැක්කුම නොහොත් "ගයන්ත"
"ආ තනියම පාරේ යන්න ත් උබ පාර දන්නවද බං?" සම්පා ගයන්තගෙන් ඇහුවා.
ගයන්ත මම නොහිතපු විදිහට පුටුව මට ලං කරගෙන වාඩි උනා.
"නගා.... චුට්ටක් ඇත් වෙලා ඉන්න තරමට අගට ගුනයී" එ සම්පා.
"මටත් එහෙම හිතුනා.. "
"ඇයි නංගි පුටුව ගත්තේ අපි කලුද?"
මගේ හිනාව මුලු කැන්ටින් එක පුරාම ඇහෙන්න ඇතී
"ඕකේ අහන්නත් දෙයක් තියෙනවද?"
පන්තිය පටන් ගන්න වෙලාව ලං වෙන නිසා අපි පන්තියට ගියා.
"අනේ මගේ පණ ඔයා කියටද ආවේ?"
මාෂා දැක්ක ගමන් ගයන්ත දුවගේන ගිහින් එයාගේ බද වටෙම අත් යවලා උස්සලා වටෙයක් කරකලා බිමින් තිබ්බා.
"පිස්සු බොල බොල නෙද බං" මම සම්පා දිහා බලගෙන හිනා උනා
A/L ලග නිසා පාඩම් කරන්න උමාශා ගේ ගෙදර නැවතිලා හිටපු නිසා ඉදලා හිටල තමයි ගෙවල් පැත්තේ ගියේ. හවස උමශා එක්ක ඇදුම් ගන්න යන්න තිරණය කරන් හිටියා කියල මතක් උනේ පන්ති ඇරිල ගෙදර එන්න බස් 1ට ත් නැග්ග වෙලාවෙ ආව කොල් එකට
"එයි නෙතු උබේ පන්ති තාම ඉවර නැද්ද?"
"ඉවරයි බං උබ කොතන්ද ඉන්නේ?"
"නොලිමිට් 1 ඇතුලේ"
"මේ එනවා මම එනවා"
මම ලලනි අක්කට කියල දඩි බිදි ගාල බැහැලා නොලිමිට් එක පැත්තට දිවුවා.
මූ දන්නවා නම් මට මූව අමතක වෙලා මම යන්න ගියා කියලා මාව මෙතනම මරයි
"සමාවෙන්න ඔනේ"
උමාශාගේ මූණ අබ දැම්මොත් පුපුරන ගානට තිබුනේ
"ම්ම් වරෙන් ඉතින් දැන් වත් යමු"
අපි දෙන්නම ඉතින් මුල ඉදන් අගටම ඇස් කරක කරකා ගියේ
ඇහෙට කනට පැන ඇදුමක් බලන්න නැවෙයී
කොල්ලෙක් පෙනවද බලන්න
උමශා ලස්සන ට්ෂට් එකක් අරගෙන ඇදලා බලන්න කියලා fiton room එකට ගියා.
මාත් ලග පාත හිටපු ලස්සන කොල්ලෙක් දිහා උපරිම ප්‍රේමයෙන් බලන් හිටියා.
හැමදේම මොහොතකට නතර උනා වගේ දැනුනා.
කාලයක් තිස්සෙ හොයන් හිටපු දේ අද මගේ අත ලඟම
මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා....

හුදෙකලාවේ කවි සිතුවිලි

Saturday, March 20, 2010

අතරමං වු ජිවිතය (4)

කිසිම කිසි හැගීමක් නැතුව මම ඉකිගහලා ඇඩුවා.
කාටවත් ම ඇහෙන්නේ නැති වෙන්න මම කොට්ටයක් තුරුල් කරගෙන අඩුවා.
ඉස්සරම ඉස්සර වගේ සිමා මායිම් හැමදේම බිද දාලා මම ඇඩුවා.
ආයෙම ආයෙ වතාවක් මම අසරණ උනා නෙද කියල හිතුනා..
මේ ලොකේ කාත් කාගෙවත් ආදර නොලබන එ අහිංසකයට මට ආදරේ කරන්න ඉඩ දෙන්නේ නැති මේ සමජයට මම බැන බැන අඬන්න ගත්තා.
මට මගේ ජිවිතේ නැති කරගන්න හිතුනා.
එත් මට එහෙම කරන්න බෑ කවදාකම හරි ඔයාව තනිවෙයි කියල මට හිතෙනවා.
අතොරාවක් නැතුව ගලාගෙන යන කදුළු අතරේ මට ඔයාගේ හඬ දොංකාර දෙන්න ගත්තා.....
වෙලාවක් කලාවක් මතකයෙන් ඉගිලිලා යනකන් මම තනිවෙලා අඩුවා
"පොඩී රෑට කන්න එන්නේ නැද්ද...??"
අම්මා ඇවිල්ලා කතා කලා.
මට කතා කර ගන්න තියා, කිසිම හැගීමක් තිබුනේ නෑ. මම කතා කලා නම් මම අඬලා කියලා එයාල දැන ගන්න නිසාම මම නින්ද ගිහින් වගේ කිසිම සද්දයක් නැතුව එහෙම්ම හිටියා...
"නංගී කන්න එනවා"
අක්කට සිද්ද උනු දේ ගැන යම් වැටහීමක් තියෙන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියා.
එත් මම නැගිට්ටේ නෑ...
හැමොම නිදා ගන්න ගියා කියලා තහවුරු කරගත්තට පස්සෙ මම නැගිට්ටා.
ඉටි පන්දමක් පත්තු කරගෙන සුපුරුදු විදිහට හිතට ආව හැමදේම ලියාගෙන ගියා...
කණාමැදිරියෙක් විතරක් මගේ ලඟ තනියට හිටියා
මම ආයෙම වතාවක් අතීත සිතුවිලි එක්ක තනි වෙන්න උත්සහා කලා.
"පහන්"
"ආදරණීය මගේ පහන්"
ආදරය ගැන හය හතර නොදන්නා කාලේ දී මට පහන් මුන ගැහුනු හැටි.
අපි ආදාරේ කල හැටි සිත්තමක් වගේ මගේ මනසේ එකින් එක පෙළ ගැහෙන්න ගත්තා....
අම්මා තාත්තා ලඟ හිටියට කවදවත් එ දෙන්නගේ ආදරය බිදක් වත් දැනෙන්න නොලබපු එකම අවාසනාවන්තයා එයා කියලා හිතාගෙන ඉන්න කාලෙක එයා වගේම අවාසනවන්ත කෙල්ලෙක් හැටියට එයට මාව මුණ ගැහුනා..............
එත් අද.....
ඔයාට මාව වගේ මට ත් ඔයාව අමතක වෙන්න නම් අපි දෙන්නම මැරෙන්න ඕන පහන් එතකං ඔයාටවත් මටවත් එ කිසිම දෙයක් අමතක වෙන්නේ නෑ
එක තමයි අපි පිළිගන්න අකමැති උනත් අත්ත...
මම ඔයාට කියන්නෙ නැ "මට ආදරෙ කරන්න මං ගැන හිතන්න" කියලා
එ වගෙම මම කියන්නෙත් නෑ
"මම ඔයාට ආදරේ කරනවා
ඔයා ගැන හිතනවා කියලා"
නමුත් අපි අපේ නොවුනත් කොහේ කොහොම හිටියත් අපිට අපි අමතක වෙන්නේ නෑ කවදාවත් ම
මගෙ සිතුවිලි නැවතුනේ පහන් ගැන එ විදිහට හිතලා

(අපි ආයෙමත් මුණ ගැසෙයි)

හුදෙකලාවේ කවි සිතුවිලි

අතරමං වු ජිවිතය (3)



පන්ති ඉවර වෙලා ගෙදර එන්න මම ත් යාලුවොත් එක්කම එලියට ආවා.
ගයන්ත ත් මාෂා නංගිත් අපිත් එක්කම ආවා.
හැබැයි ආරන්චියේ හැටියට නම් ගයන්ත සහ මාෂා අතරේ යාලුකමකට වඩා දෙයක් නැලු.
එත් එක නිකන් හතර බීරි කතාවක් වගේ.
ගයන්ත හැම වෙලවෙම ඇබලයා වගේ ඉන්නෙම එ කෙල්ල වටේ.
දැක්කනේ සින්දු කියද්දි කට්ටිය,...
ගයන්ත හිටියේ මාෂාව තුරුල් කරන් වගේ....
අනේ මන්ද මට මොන කෙහෙල්මලකටද එවා
මම අයෙත් බිදුනු සිතුවිලි වලින් මිදිලා පියවි ලොවට ආවෙ
සම්පත් යනවා කියල කියන්න තට්ටුවක් දැම්ම නිසා.
මම ලලනි අක්කා එක්කම ඇවිල්ල බස් එකට නැග්ගා
ගයන්ත මාෂා ලගින්ම වාඩි උනා.
මට නම් මේ මල මගුල තේරෙන්නේම නැ.. චික් ඔලුවත් විකාරයි වගේ...
මේ ඔක්කොම විකාර ඔලුවට එන්න ගත්තේ ගයන්ත මාෂා ට හොරෙන් විටින් විට මගේ දිහා බලන්න ගත්ත නිසා තමයී කියලා මට හිතුනා... හවස ගෙදර ආව විතරයි ඉතින් සර්ව සම්පූර්ණ විස්තරයම අක්කට අප්ඩෙට් කලා.
එත් ගෙදර ආව වේලාවේ ඉදන් මගේ හිතේ හොල්මන් කලේ
මෙලො රහක් නැති "ගයන්ත මාෂා" යුවල.
මට එපා උනා.
ඔක්කොම අමතක වෙලා යන්න කියලා හිතල කවියක් ලියන්න ගත්තා.
"නංගි ඔයාට කෝල් එකක්"
"මේ වෙලාවේ කවුද හලො?"
අමාරුවෙන් උනත් කවුද කියලා දැන ගන්න හිතාගෙන රිසිවර් එක අතට ගත්තා.
"හෙලො...ව්"
"නෙතු මම ...."
"ආ.........!!! ඔ... ඔ.....යා.... ? ඔ...යා හොදින්ද?" මට එ හඬ ඇහෙද්දි දෙයියනේ වචන පිට උනෙත් නෑ
"හ්ම්ම් ...... ඔව් ඔයත් හොදින් නේද?"
"සමාවෙන්න ඔයාට කතා කරලා අයෙම වතාවක් මම හිත පෑරුවානම් ...මම දන්නව ඔයාට මාව අමතක කරන්න බැ කියලා එ වගේමයී මටත්"
දෙකම්මු හරහා යන කදුළු පෙළි පිහින ගමන් මම "හ්ම්ම්" කිවුවා.
"තාමත් මම ඔයට ආදරෙයී නෙතු" උන් හිටි තැන් මතක නැතුව මට ඉකිගැහුනා...
"මාත් "
"මම තියන්නම් බුදු සරණයී"
"බු.....දු සරණයී, ප...රි...ස්....ස...මෙ....න් ඉන්න..."
මම රිසිවරය තිබ්බේ ඇස් දෙකේ කදුළු පෙරාගෙන.
කාමරේට ඇවිල්ලා දොර වහගත්තා
මාස තුනකට විතර පස්සේ ආයෙමත් සිමාවක් මායිමක් දන්නේ නැති මගේ කදුළු කඩන් වැටෙන්න පටන් ගත්තා....
මේ මොහොතේ මේ කදුළු කඩන් වැටේන්නේ මේ ඇස් දෙකෙන් විතරක් ම නෙවෙයි කියන්න නම් මම හොදටම දැනගෙන හිටියා....
දෙයියනේ ආයේ ආයේමත්............??????????

Thursday, March 18, 2010

අතරමං වු ජිවිතය (02)

"සර්, ...
බඩගිනි එහෙම නැද්ද?"
එ සම්පත්
"ආ ඔයාල ඔක්කොමලාට බඩගිනි නම් ගිල්ලා කලා එන්ඩ"
සර් ට හරියටම සිංහල බැ එ නිස කතා කලෙ එහෙමයි.
අපො මෙගොල්ලො කා කියගෙන ඉපදිල තියෙන සෙට් එකක් වගේ
සර් ගෙ අවසර ලැබුනු සැනින් කට්ටිය නැගිට්ට.
"නංගා යමු කැන්ටින් එක පැත්තෙ".
සම්පත් කියල අදුනවල දුන්නු කෙන කතා කලා.
මම ත් කට්ටිය අදුර ගන්න ඔනේ නිසම එයාල එක්ක යන්න තිරණය කළා.
මම හෙමිට ඇස් හතර වටෙටම කරකල බැලුවෙ අර පන්තිය අතර මැද්දෙදි කඩා පාත් උනු කෙනා පෙන්නවත් ඉන්නවද බලන්න.
නැ පෙන තෙක් මානයක නුපුරුදු මූණක් නැ.
අපි හිමින් හිමින් කැන්ටින් එකට ගියා.
කට්ටිය මේස දෙකක් වටේට පුටු තියලා වාඩි උණා.
"එ අර බලපන් ගයන්තයා ආව ගමන් කෙල්ලෙක් සෙට් කරගෙන වගෙ"
ලලනි අක්කා අපිට වඩා ටිකක් ඇතින් හිටපු මේසේ ඉන්න දෙන්නක්ව පෙන්නලා කෑගැහුවා.
ආ එහෙනම් එයා වෙන්න ඇති මේ පන්තියට අතරමැද්දෙදී ආව කෙනා කියලා හිතුනා මාත් නිකම් ලාවට වගෙ හැරිලා බැලුවා
ෂුහ්... දෙන්නම කළුම කළු දෙන්නක්
කළු කියන්නේ ආයේ තාර වගේ දෙකක් නෑ තාරම කළුයී හැබැයි කෙල්ල නම් ටිකක් ලස්සනයි.
කොල්ලගෙ ලස්සන හොයන්න නම් අලුතෙන් ඇස් දෙකක් සෙට් කරන්න වෙයි කියල හිතුනා
මගෙ කටට බ්‍රේක් නෑනේ
"නියමෙට ගැලපෙනවා"
මම සම්පත් අයියට කිවවා
"පිස්සු හැදෙනවා නෙද?"
"කොහෙන්ද බන් මූට කෙල්ලෙක් මේ හදිස්සියේ....?"
"මේ අදම නෙද මුන් දෙන්න දැක්කෙ....?"
"මොනවද බන් මේ වෙන්නේ.........??"
නානප්‍රකාර ප්‍රශ්න ගොඩයී
ඔය අතරේ ගයන්ත අපි ඉන්න තැනට ආවා අවෙ එයගේ ගැනු ළමයා එක්කම
පොඩි ගැණු ළමයෙක් මම හිතන්නෙ මටත් වඩා බාළයි වගේ
"බාල අපරාදයක් වගෙ මේ" සම්පත් අයියත් කිවුවෙ ටිකක් මං වගෙ
එයාටත් තියෙන්නේ බ්‍රේක් නැති කටක්
කොල්ලත් ලස්සනයි ලගට ආවමයී දැක්කෙ
හැබැයි ඉතින් එ ලස්සන හොයන්න නම් ටිකක් වෙලා බලන් ඉන්නම වෙනවා...
ගයන්තට ලලනි අක්කා කට්ටියව අදුන්නල දුන්නා
ගයන්ත ලලනි අක්කා එකම ගමේ ලු
මම හිතපු තරම් ලස්සන නම් නැ
හැබැයි නාහෙට අහන්නෙ නැති මහ මුරන්ඩු වගෙම නපුරු කොල්ලෙක් කියල පේනව
කාත් එක්කවත් සුහදව කතා කරන්න දන්නෙ නැ
කොහොම මේ පොඩි කෙල්ල ඉන්නවද මන්ද මේ වගෙ කොල්ලෙක් එක්ක
මට වගේම එ ටික සම්පත් අයියට ත් තෙරිලා පන්තියට යන ගමන් එයත් මට එ ටිකම කිවුවා
ගයන්තගෙ ගැණු ළමය "මාෂා"
ගයන්ත එ ගැණු ළමයට හොරෙන් විටින් විට මගෙ දිහා බලන්න ගත්ත බව මට දැනුනේ කැන්ටින් එකෙන් අපි එලියටත් ආවට පස්සෙ

Monday, March 15, 2010

අතරමං වු ජිවිතය

මට හිතුනා "අතරමන් වු ජිවිතය" නමින් දිගටම කතාවක් ලියගෙන යන්න..
මේ කතාවෙ ජිවත් වෙන්නේ "නේත්‍රා"
ඔයාලට පුලු පුලුවන් වෙලාවට ඇවිල්ලා නේත්‍රා ගේ ජිවිතය ගැන කියවන්න
ආදරය ජිවිතයම කරගත්ත අහිංසකාවියකගේ කතාවක්
ඔයාල කියවන්න ඔයාලගෙ අදහස් මට හුගාක් වටිනවා
එවා මට සටහන් කරලා යන්න...
එක මට ලොකු ශක්තියක් වේවී දිගටම ලියන්න....
ස්තුතී
අහිංසකි





සුපුරුදු විදිහට එදත් මම ටිකක් දවල් වෙනකං නිදා ගන්න හිතන් හිටියත්
එක පාරට අහුන මිනි ගෙඩි සද්දෙට ඇහැරුණා
"එයී මොඩි අද නේද ඔයාගේ තංගච්චි ක්ලාස් එක පටන් ගන්න දවස....??"
මළා........
ඇත්ත නේන්නම්
අමතක උනානෙ මට
"පින් සිද්ද වෙනවා හලො මතක් කලාට"
ඇදෙන් පැනපු මම දඩි බිඩි ගාල ඇඟ හොදගෙන ඇවිල්ල ලැස්ති උනා
අපේ අක්ක තව දෙමළ ටිකක් ඉගෙන ගන්න කියලා හොයලා දුන්න පන්තියක්.
අද තමයි එකේ මංගල දවස.
9 ට පටන් ගන්න පංතියට විනාඩි 5කට කලින් යාගන්න මට පුලුවන් උනා.
එත් ටිකක් පැකිලෙනවා වගෙ මොකද දන්න කියන මෙලො යාළුවෙක් නැනේ...
NYC එක ඇතුලේ පීරලා වගෙ ගිහින් පන්තිය හොය ගත්තා
අප්පටසිරි දෙමළ ඉගෙන ගන්න මෙච්චර කැමැත්තෙන් කට්ටිය එනවද?
ළමයි 20ක් විතර හිටිය පන්තියේ.
මාත් ගිහින් ඉස්සරහයින් ඉඩ තිබුනු තැනක් බලලා ඉද ගත්තා.
වයසක සර් කෙනෙක් ආවා දැන් ඉතින් පන්තිය පටන් ගත්තා.
එ උනාට මට ටිකක් අමුතුයි වගේ මොකද පන්තියේ ඉන්න හැමකෙනාටම වගෙ NYC හොදටම හුරුයි වගේ මට දැනුනා, එ විතරක් ම නෙවෙයි එ ඔක්කොමලා යාලුවො වගත් එයලගෙ කතාවෙන් තේරුනා
මම සුපුරුදු සද්ද වහලා පඩුවේ හිටියා.
සර් ළමයින් ගෙන් දෙමලෙන්ම විස්තර අහන්වා
ඉස්සරහම හිටපු නිසා මගෙ වාරෙ ඉක්මනටම ආව
ඔට්ටු නැ කියන්න බැනේ මාත් ඉතින් හැඩ වැඩ දාල රේන්ද අල්ලා
මගේ සම්පුර්ණ විස්තරයක් දිගහැරියා.
කට්ටිය ටිකක් හොල්මන් වෙලා වගේ අහන් ඉන්නවා.
මෙච්චර වෙලා මාත් එක්ක එක වචනයක් වත් කතා නොකරපු එකා දෙන්න හෙමි හෙමින් මට කතා කරන්න ගත්තා
"අපි හිතුවෙ නංගි හරි ආඩම්බරයි කියල, ආව වෙලවෙ ඉදන් පොතක් බදාගෙන හිටියා මිසක් කාත් එක්කවත් කතා කලේ වත් නැනේ"
"මම ලලනි, නංගි.......?"
මම හීනී මල් හිනාව දාල කිව්ව මම "නේත්‍රා"
ලලනි අක්කා මට ඉන්න කට්ටිය අදුන්වලා දුන්නා
පන්තියේ හැමොගෙන්ම මට හොද තැනක් තිබ්බා.
එ මම දෙමල ටිකක් දැනගෙන හිටපු නිසා සහ මම ටිකක් ආඩම්බරව හිටපු නිසා.
"තව එන්න කවුරුවත් නැනේද?
අපි පන්තිය පටන් ගමු"
ලලනි අක්ක කිවුවා "තව එක්කෙනෙක් ඉන්නවා කමක් නැ අපි පටන් ගමු"
එ පාර තවත් එක්කෙනක් මට ටිකක් කෙන්තිත් ගියා..
සර් පන්තිය පටන් ගෙන කරගෙන ගියා
පඩිපෙළ පෙරළගෙන කවුදො දුවගෙන එනව අහුනා
අපි හිටියේ උඩ පන්තියක නිසා සහ පඩිපෙළ ළගම නිසා සද්දෙ හොදටම ඇහුනා.
කවුරු උනත් ආව කෙනා ආවෙ අපේ පන්තියට බව නම් ඉර හද වගෙ විස්වාසයී.
එ විතරක් නෙවෙයි ඉදගත්තෙ මගෙ පිටි පස්සෙන් වගත් විස්වාසයී.
ඔයින් ගියා මදැ සුවද.......!!!
අම්මො ඇදිලා යනවා එ සුවදට.....~~~
මලක් ද මේ බඹරෙක් ද?
මුලු පන්තියේම එ සුවද විහිදුනා.
කවුරු නමුත් හැඩකාර කොල්ලෙක් වෙන්න ඇති.
නැත්තම් මේ තරම් වටිනා සුවදක් එන්න නම් විදිහක් නැ.
ඇස් දෙක හැරිලා බලන්න ඇහුවට මගේ හිතින්.
හිත කිවුවා" නැ ඔනේ නැ එයා ම කතා කරයී" කියලා
එහෙම හිතලා විනාඩියක් යන්න කලින්
"මේ නංගි මට වැඩිපුර පැනක් තියෙනවා නම් දෙන්නකො"
බලන්න ආසාවෙන් බලන් හිටපු නන්නදුනන චරිතය කතා කළා
මම එයා දිහා නොබලාම පැනක් අරන් මගේ උරහිසට උඩින් පිටිපස්සට දික් කලා
"තැන්ක්ස්"
හ්ම්ම්

Friday, March 12, 2010

කෙටි කතාව

උඹයි මායි
මම....
හුදෙකලා වෙමි
හුයෙන් හුය ගිලිහෙන ජිවිතයක යදම් ලිහමි
මගෙ හිත උදුරා ගමි...
තලා පෙළා දමමි....
ශරිරයේ ලේ මස් ඇට නහර මිරිකා
පොඩිකර සොයා යමි
මේ හදවතේ ලියපදිංචි කළ නුඹේ ප්‍රේමය
තවමත් ජිවමාන බව සනාත කරමි...
සියළු කටයුතු අවසානයේ
මළ බත ද සකස් කර
මම මිය යමි...
නුඹ ත් සමඟ ම..

සිතුවිලි විවිධ ස්වරූපයෙන් මා වෙත ගලා එයි.
පීඩාකාරි නුවර නගරය පුරම ආතක් පාතක් නැතුව රස්තියාදු ගහපු මං,
හෙමි හෙමින් වැව රවුමට සේන්දු උනෙ වැව රවුමේ ඇවිදින්න හුගාක් ආසවෙන්.
කඩිමුඩියෙ එහේ මෙහේ ඇවිදන් යන චරිත අතරේ මාව ගලපගන්න බැරි චරිතයක් වගෙ දැණුනා.
නුවර ඉදලා අම්පිටිය පැත්තට යන බස් එකක උන්නු පුංචි කෙල්ලෙක් මට හිනා උණා...
හරිම අහිංසක හිනාවක් හරියටම උඹගේ වගෙමයී,
එත් උඹ තරම් නපුරු නෑ...
මම පෙරළා හිනා උනාද කියවත් මට මතක නැති උණා.
සෑම සිතුවිල්ලක්ම මා රිදෙව්වා මිසක සැනසුවා නෙවෙයී.
මම පිස්සෙක් වගෙ ඔහෙ ඇවිද්දා,....
කිලුටු නිල් ඩෙනිම යි සුදු ට් ෂර්ට් එකයි හැමදාම දාන බාටා කටු දෙකයී බෑග් එකයි පිටින්.
උඹ දන්නවාද මට මේ ලොකෙ අන්තිම කොනට උනත් මෙ ව්දිහට යන්න පුලුවන් උඹ මා එක්ක ඉන්නවා නම්
ලෝකයම උඩු යටිකුරු වෙද්දිත් මම ගොලාකාර උනෙ උඹ නිසයි..
පිපුණු මැයි මල් ගස් වලට බර වැඩි නිසාදෝ බිමට වැටිලා රතු පලසක් වගෙ දිළිසුණා.
එ සමහර මල් හිතක් පපුවක් නැති උන්ගේ පයට පෑගිලා පොඩි වෙල ගිහින් වග මම දැක්කා.
මගෙ හිතත් එ පැගිලා ගිය මල් අතරේ තියෙනවා කියලා විතරක් මට දැනුනා.
මේ නුවර වැවට මාව හුගාක් සුපුරුදු ඇති එකයි මේ තරම්ම මට සිසිල...
සැහෙන දුරක් මම මගෙ බොල් සිතුවිලි එක්ක ඇවිදල තිබුණා එත් විඩාවක් නෑ.
එක්තර සුපුරුදු යැයි දැනුනු තැනක මම සුපුරුදු විදිහට නතර උණා.
එත් අද මට එතන හුගාක් නුපුරුදුයි.
"මල්ලි මල්ලි"
මම ලාවට වගේ හැරිලා බැලුවේ මටද කියලා අහන්න වගේ
"ඔව් ඔයාට තමයි."
"අපි හුගාක් වෙලා ඉදන් බලන් හිටියේ මල්ලි අරෙහේ ඉදන් ආව විදිහ
මෙතනට ආවේ කවුරු හරි එනකන් ද නැත්තම්"
"නෑ නිකන්"
"ඔයා නිකන් කන්ස්සල්ලෙන් වගෙ නිසයි අපි මේ බැලුවේ"
"මොකද හුගාක් ඔය වගෙ අය මෙතනට ඇවිල්ලා මේ වැවට පැනලා මැරෙන්න හදලා තියෙනවා එකයි බැලුවෙ සැකේට"
"හේහ් ...... අපෝ මට බාගෙට මැරෙන ප්‍රශ්නයක් නෑ, ස්තුතී හොයලා බැලුවට."

මෙකට පැනලා මැරෙන්න හදන උන්ට නම් ඇත්තටම පිස්සු
උන මහ දෙකයි පහන්හේ සොබන කාරයො මෙතනින් පනින්න දෙයක් තියෙනවද?
අනික මේ තරම් සෙනඟ පිරුණු තැනක පැනලා මැරෙනකම් මොකාද බලන් ඉන්නෙ?
ලොකේට පෙන්න "එක" දාගන්න හදන උන්ට නම් හොදයි එවා.
මම වගේ එක පාර මැරෙන්න හදන එකෙක්ට මේ ක්‍රමය එ තරම්ම ප්‍රායොගික මදි...
මහවැලි ගඟට පැනලා බෙරුණු උන් නැතුවම නෙවෙයිනේ
හැබැයි ගේ ලඟ තියෙන දනිස්ස ලගට වත් වතුර නැති ඇළේ වැටිලා මැරුනු මිනිහෙකුත් ඊයෙ පෙරෙදා හිටියා...
එත් මට එ වගේ මරණයක් එපා..........

මගෙ කියල එකෙක්වත් නැති ලොකෙක මට කියල හිටිය එකම එකිය උඹ විතරයි.....
උඹට මම ආදරය කළා.
මේ කුරිරු ලොකයාගෙන් මම උඹව හංගා ගත්තා.
මගෙ ජිවිතයම උඹ කියල හිතලා මම උඹට ආදරය කලා...
සංසාරෙ අන්තිම දවස තෙක් මාත් එක්කම යන්න ආව උඹ මටත් හොරෙන් මේ ආත්මයෙම අවසානයට පෙර අතරමගකදි මා දමා ගිහින්.
මට දැන් ඔනේ උඹේ අතින්ම මැරෙන්න...........
එතකොට මට පුලුවන් උඹවත් මරාගෙන ම මැරෙන්න.
උඹ අකමැති උනත් මම කැමති එහෙම මැරෙන්න
මං නැති ලොකේක උඹ වගේ ආත්මයෙන්ම අබ්බගාත කෙල්ලෙක්ව
වෙන කවුරුවත්ම මං තරම් ආදරෙන් බලාගන්නෙ නැ......

Monday, March 8, 2010

කාගේ දෝ කතාවක්


ජිවිතේ තවත් එක් කාල වකවානුවකදි නුඹ වෙනුවෙන් ලියන්නට නොසිතු මොහොතක
නුඹ වෙනුවෙන් ලියන්නට සිදුවන අවාසනවන්ත දිනය ලං ලංව එන බව නම් දැනුනෙමි.
නුඹ ලඟ සදා රැදෙන්නට මිස
නුඹගෙන් වෙන් වෙන්නට මා තවමත් නොදනිමි....
නුඹ හට මා එපා වෙන තරමට පෙම් කරන්නට මිස
නුඹව මඟ හැර එක මොහොතක් සිතන්නට මම නොදනිමි...
නුඹ වෙනුවෙන් හඬන්නට තැවෙන්නට හොඳින් දන්නා මම
කලාතුරකින් නුඹ වෙනුවෙන් සිනහ වන්නටද දනිමි.....
මම නුඹට පෙම් කරනා තරමට නුඹ මට පෙම් නොකරන වග
දැන දැනත් මා මේ තරම් පෙම් කරන්නෙ කුමක් නිසාද යන්න මට නොතෙරේ.
නුඹ මේ තරම් නිහඩව ප්‍රේමය හද තුල හුවගෙන
ඉගියකින් වත් මට නොදි හිදිනා විටදි උවද
නුඹ ගැන හිත හිතා සැනසෙන්නට මා ඉගෙන ගත්තේ කාගෙන්දැයි මම නොදනිමි.
අඩ අදුරේ තනිවී නුඹ ගැන හිත හිතා ළතැවෙන්නට හඬන්නට හූල්ලන්නට මම් දනිමි......
එහෙත් අපිටම ආවෙනික අපෙ ලොවක් තනන්නට මම නොදනිමි ...
එ ඔබ තාමත් මට අවසර නොදුන් නිසාවෙනි...
සියලු හැගීම් නුඹ ළඟ නවතින මොහොතට මම ගොලු වෙමි....
නුඹ මේ හිත පාරන්න පාරන්න මේ ප්‍රේමය වැඩි වෙනව මිසක දශමයකින් කුදු අඩුවක් නොවන වඟ නුඹ නොදන්නවා විය හැක.
ප්‍රේමය මේ තරම් වේදනාකාරි වුයේ මන්දැයි මා නොදනිමි.
ඔබ හට මා තරම් පෙම් කරන්නට තවෙකෙකු මේ ලොව නැතැයි ඔබ දන්නවා නම්..........
මේ ලොව වාසනාවන්තම පෙම්වතිය මා වනවා නිසැකය....
සත්තමයී ඇත්තමයී මම ආදරේයී....


Sunday, March 7, 2010

කාගේ දෝ කතාවක්

ජිවිතේ තවත් එක් සංදිස්තානයක් පසු කරමින් ගමන් කිරිමට
සිදුව ඇත.....
ඒ අවස්ථාවට මුහුණ දීමට මා ළඟ ඇත්තෙ
අතිතයේ සිදුවු කොටියක් දෑ ලුහුබැද ගිය හිතක් පමණි.
කිසිවක් කිසිම විටෙක සුපුරුදු අයුරින් සිදු නොවන්නෙද?
කිසිවක් කිසිම විටෙක සුන්දර නොවන්නෙද මන්දැයි මා නොදන්නෙමි
ජිවන ගමනෙ කොහේ හෝ තැනක මට නුඹ මුණ ගැසෙනු නො අනුමානය.
කොතැනක හෝ තැනකදි ම'වෙතින් ඔබ ගිලිහි ගියෙද
එ තැන් සිට මේ දුක්ක දොමනස්සයන් සමග ජිවිතේ අලුත්ම පිටුවක් පෙරළන්නට මට නොහැකි වග පවසමි...
ඔබට මා දැනෙනේ ද නො දැනෙන්නෙද මා නොදනිමි.
එහෙත් මට දැනෙයි.
දිනක් මා කියෙවුවා මතකය
" ආදරයේ ප්‍රමාණය යනු එය අනිකා විදිනා ප්‍රමාණයටත්, විදවනා ප්‍රමාණයත් සහ දැනෙන ප්‍රමාණයත් අතර මිණුම් දන්ඩක් වඟ".
ඉදින් එදා මා ඉගෙන ගත්තෙ "ආදරය" ගැන නොව "ජිවිතය" ගැනය.
ජිවිතය එලෙසම විය යුතු වඟ එදා මට පසක් විය.
එහෙයින් එම අතිත කාලය තුල මා ලද අත්දැකීම් අනන්තය අප්‍රමාණය......



.................................................................මතු සම්බන්ධයි.................................................................................

Saturday, March 6, 2010

එපා.................. වෙලා ඉන්නේ


එපා.................. වෙලා ඉන්නේ

අද සෙනසුරාද උනාට කිසිම ගතියක් නැ.
අද ඉතින් රස්සාවල් කරන කට්ටියගෙ නිවඩු දවස.
ඉතින් එ ගොල්ලො වෙනුවෙන් මාත් එ නිවාඩුව සමරන්න හිතුවා.
කොහොමද දන්නවද?
දවල් වෙනකන් නිදගෙන ..
මොකද අද මට ගලපගන්න කිසිම කිසි වැදගත් වැඩක් නැ
මම හිතන් හිටියට "අද තමයි ලස්සනම දවස වෙන්නෙ" කියලා
අද එක එහෙම උනෙත් නැ (දුක තමා අෆ්ෆා )
උදේ 9.35 විතර හිමින් සැරෙ ඇස් අරියා.
තවත් නිදා ගන්න හිතුනා, එත් ඉතින් අම්මට බයයීනෙ එ නිස නැගිට්ටා.
අවුලක් නැ, අම්ම නම් දවල් ට උයන්න ලැස්ති වෙනවා.
අම්මට උදවු නම් ඕනෙ නැතුව ඇති එ නිසා ඉතින් ඇහුවෙත් නැ.
හැබැයි අවුල තියෙන්නෙ වෙනද වගේ නැගිට්ට ගමන් බාත් රූම් 1ට රිංගන්න බැ.
අද මොකද මම දවල් වෙනකන් නිදා ගත්ත නිසා,
වැරදිමකින් හරි බාත් රූම් 1ට ගියා නම් අද දවසම එපා වෙන්න බැනුම් අහන්න තිබ්බා ( දවල් වෙනකන් නිදා ගත්තා, නැගිට්ටා , නැවා , කැවා , ඊලගට computer 1ක ඔච්චරයී ජිවිතේ ) කියලා.
ඉතින් අමාරුවෙන් උනත් ෂෙප් එකේ ගිහින් මූණ හොදගෙන ඇවිල්ලා හොද වතුර 1ක් බොන ගමන් ගත්තා මගෙ ටිකිරි මොලෙ වැඩෙන්න කැමක් කන්න ඕනෙනෙ උදෙන්ම එ නිසා මාරි බිස්කට් 5ක් විතර කැවා......
කොස්ස අරන් මුලු ගේම අතු ගැවා.
දුවිලි පිහල නිකන් අම්මගෙන් 1 දාගන්න වගෙ වැඩ ටිකක් කලා.
(එත් ඉතින් අම්මගෙන් හොදක් අහන්න නම් මැරිල ඉපදෙන්නම වෙනවා මට නම්)
ඊට පස්සෙ ඉතින් අම්ම උයන්නෙ මොනවද කියල පොඩ්ඩක් බලල කරල කෙලින්ම බාත් රූම් 1ට පැනගත්තා
පැයක් විතර හොද නිදහසේ නාගෙන එලියට අවා.
වැඩක් නැ....... යාළුවෙක් වත් රින්ග් කලේ නැනේ. :(
phone 1 පොලවේ ගහන්න හිතුනා.
එත් එක කරන්නත් බෑ මොකද සන්තකේටම මට කියලා තියෙන්නෙම ඔච්චරයීනේ.
අන්තිමට නාලා ඉවර වෙලා පොඩ්ඩක් ගේ වටෙ සැරි සරලා එහෙම ආවා
TV බලන්න හිතාගෙන... වෙලාවට මට කලින් අම්ම TV 1 ලඟ
අවුලක් නැ මාත් වාඩි උනා.
tamil film 1ක් යනවා ඕක බලන්න හිතෙන්නෙත් නැ.
computer 1පැත්තට යන්නත් බැ.
අමාරුවෙන් හරි හිටිය හිත හදා ගෙන.
එ ඉන්න ගමන් පොස්ට් 1ක් දාන්න ඔනේ කියල හිතුනා
එත් මුලු හිතම හිස් වෙලා...
කන්නත් බැ වගේ එ නිසා කැවෙත් නැ...
ඔහේ හිටියා...
දැන් ඉතින් සයිබර් අවකාශයේ සැරි සරන්න එන්න ඕනෙ...
එත් අවුල තියෙන්නෙ අම්මා.....!!!!
ම්ම් ඔහොම ටික වෙලවක් ඉන්නකොට අනේ අපෙ අම්මට නිදිමතක් ඇවිත් නින්දට ගියා.
දැන් ඉතින් ආයෙ මාව සක්කරයට වත් බෑ නවත්තන්න ඔන්න මම ආවා...................
එත් අද දවසනම් අපෝ .......
මෙලො ම රහක් නෑ අෆ්ෆා
මේ වෙලවට තමා හිතෙන්නෙ කොල්ලෙක් උනානම් හොදයී කියලා
බයිසිකල් කට්ටක් අරන් රවුමක් වත් ගිහින් එන්න තිබ්බනෙ දෙයියනේ කියලා එහෙම
මොනව කරන්නද......
මෙලොම රහක් නැති සෙනසුරදා.....

Friday, March 5, 2010

තාරකට පිලිතුරක්

ප්‍රේමය හුදෙක් පූජනීයයී
එහෙයින් පිදුවේ ඔබටමයි
නෙත් කදුළු සිද දමා .......
හද සුසුම් බිද දමා........
නුඹ ආව දා පටන්
ජිවිතේ සුන්දරයි
සත්තමයී....

හුදෙකලාවේ කවි සිතුවිලි

මේ ඇස් දෙක මඟ බලන් හිටියා දැක ගන්න එ රුව
මේ දෙසවන් නො ඉවසිල්ලෙන් බලන් හිටියා එ හඬ අහන්නට
එත් කාලය හැමදාම වගෙ වේගයෙන් එදත් ඉගිල්ලිලා ගියා
මම බලන් හිටියෙ දුරකතනය දැන් නාද වෙයි දැන් නාද වෙයි කියලා
එත් එහෙම උනෙ නෑ
මම මගේ හිතට කලින් ම කියල තිබුන එ තරම් මඟ බලන් ඉන්න එපා කියල
මගෙ හිතත් මම වගෙමයී
නාහෙට අහන්නෙ නැ
හිත කිව්ව "නෑ දැන් කතා කරයී" කියල මම තව ත් පැයක් විතර බලන් හිටිය..
"මේ හිතට දුක දැනෙනා වෙලාවයී"
කියන සින්දුවත් අහගෙන මම බලන් හිටියා
ඇත්තටම එ වෙලාව හිතට දුක දැනුනු වෙලාවක් උනා
දහ දොලොස් වතාවක් විතර මම එ සින්දුව එක්කම කාලය ගෙවුවා
එත් නුඹ නෑ මට කතා කලෙ
වාවගෙන හිටපු හැම සිතුවිල්ලක්ම බිදිල ගියෙ රාත්‍රි 11 ත් පහු උනා කියල දෙනුනාමයී
අස් දෙකෙන් කදුලු කඩාගෙන වෙටෙද්දි
සුසුම් වැල් එකිනෙක පරයා නැගෙමින් පිට වෙද්දි
මගෙ හිත මට මෙහෙම කිවුවා....

Tuesday, March 2, 2010

තක්සලා දොරින්...(දඩබ්බරකම්)

මම ගියා ansh ගේ පොස්ට් 1ක් බලන්න.
ෂා......... මට හරි හිනා
එය ගේ පාසල් ජිවිතේ කරල තියෙන වැඩ දැක්කම
දන්නවද මට මොකද්ද එත් එක්කම මතක් උනේ කියලා
මට ත් මතක් උනා මත් ඒ කාලේ ඉස්කොලෙ දි කරපු චංඩි වැඩක් (මම ඒ කාලෙ නාහෙට අහන්නෙ නැති එකෙක්)
මට හිතුනා ඒ නිසා එක මගෙ බ්ලොග් 1 ගලපුවා නම් හොඳයී කියලා
ඔන්න මම 10 වසරට තමයී මේ ඉස්කොලෙට ගියේ....
වැඩි සද්ද බද්ද නැ පාඩුවේ මුල්ම කාලෙ හිටියා
(පස්සෙ පස්සෙ තම ඉතින් වැඩ පෙන්නන්න පටන් ගත්තේ
කාලයත් එක්කම මට හොදම දග දාසලා ටිකක් සෙට් උනා
(භෂාව ගැන වැඩිය හිතන්න එපා යාළුවනේ මේ වගේ දෙවල් ලද බොළද විදිහට ගලපන්න මට තේරෙන්නෙ නෑ )

මේක අපි ගලපගත්තෙ 11 වසරෙදී
අනේ මම හරිම අහිංසකයී ඒ කාලෙත් ;)
මට හිටිය ගින්දර වගේ සෙට් 1ක්
ඉතින් දැන් මගේ සෙට් 1ත් 1ක අපි වැඩියෙන්ම කරන්නෙ බාල්දි පෙරලන 1 තමා
දවසක් විවේක කාලෙන් පස්සෙ 1ම 1 මිස් කෙනෙක් වත් අපිට උගන්න හිටියෙ නෑ
එදා ඉතින් අපිට පුදුම තරම් සන්තොසයී
දන්නවනේ අයිස් ගහන්න ඔය කාලේ කවුද අකමැති....?
කට්ටිය පන්තියට වෙල පොඩි සින්දු කැල්ලක් කියාගෙන හිටිය
අපේ පන්තියට එහා පැත්තෙන් තිබුනේ ස්ටාෆ් රෑම් 1ක
ඕක ඉතින් අපිට කවදාකවත් මතක් වෙන 1ක් නෙවෙයීනේ
මතක් උනත් මතක් වෙන්නෙ හරිම කලතුරකින්නෙ
ඔන්න දැන් වැඩෙ පත්තු වෙලා යනවා 1 මිස් කෙනෙක් ආවා බැන්න ගියා.
අපිත් වැඩි දෙයක් කලේ නැ අපිට බැන්න කියලා අපි කල 1 ම දේ තමා ශබ්දය ලාවට වගේ අඩු කල 1ක
ඔන්න අයෙමත් සුපුරුදු විදිහට අපි වැඩේ ගලපගෙන යනවා
ඉතින් දැන් වෙන මිස් කෙනෙක් ආවා අපේ සින්දු අහගෙන ඉන්න බැරිම තැන ඇවිල්ල
ඔන්න දැම්ම සද්දයක් කට්ටියගෙ කන් අඩි පැලෙන්න
"ළමයිනෙ සින්දු කියනවා ඔය මැද්දෙන් දාන කැලි නොදා"
"අතරින් පතර මොන මොනවදො කැගගහා කියවනව කිසි පිලිවෙලක් නැ" කියලා
මගෙ ලග හිටපු අසන්ගි පැනපු ගමන් කිවුවා
"මේ කොපි කාලෙ වගෙ නෙවෙයී අපි රැප් කරලා දෙන්නෙ
කාට කියන්නද ඕවා මිස් මෙවා හැමතැනම නැ හැමදම නැ" වාසනවට මිස් ට 1 අහුනෙ නෑ
වැඩේ ගලපගන්න දෙන්නෙම නෑ කට්ටිය බාල්දිය දානව අපිට
අපේ පන්ති බාර මිස් ආව මිස් ගෙ රතු කට්ට පැනලා
දැන් ඉතින් කාට ගලපන්නද මේ දුක මිස් ගෙ රතු ඉර පැන්නයින් අපිට උනේ 11.45 වගෙ ඉදන් හිටගෙන ඉන්න ඉස්කොලෙ ඇරෙනකම්ම
එත් ඉතින් දන්නවනෙ අපෙ සෙට් එකට ඕව නම් මොනවද හිටගෙනත් සින්දු කිවුවා (මිස් ට හිතෙන්න අති ඉතින් ජිවිතෙටවත් මුන් නම් හැදෙන ජාතියක් නෙවෙයී කියලා )

දැන් එදා දවස ඔහොම ගියා කියන්නකො
එහෙම්ම යද්දී හවස ගංගා උතුරන්න වැස්සක් වැස්සා

අනේ මම පහුවදා උදෙන්ම ඉස්කොලෙට ගියා
මගෙ සෙට් 1ත් අවිල්ලා හිටියා (වැඩෙට සෙට් උනෙ අපි (අවන්ති,අසන්ගි මෙකලා) විතරයි
අපේ සෙට් එකේ ම ඉන්නව 20ක් විතර කෙල්ලො)
එදත් උගන්න පාටක් නැ

"අදත් හිටගෙන ඉන්නවද නැත්තම් වාඩී වෙලා අයිනක් අල්ලන් සින්දුවක් කියමු ද?"
එ අපේ අවන්තියා (ශිෂ්‍ය නායිකාවක්)
උඹට හොදයි නම් අපිට කමක් නැ කියලා ගියා පිට්ටනිය පැත්තට
කට කපලා වතුර පිරිලා
ආසවේ බැ
අපි ඉතින් එගොඩහා යන්නො මෙගොඩහ එන්නො තව කවුරුද ඉන්නෙ කිය කියා
වතුරට ගල් ගැහුවා

හිමින් හිමින් අපෙ පැත්තට ආව නංගිලා තුන්දෙනෙක් පිට්ටනියෙ වතුර නැති අයිනකින් ඇතට ඇතට යනවා
හිත වාවන්නේ නැ එයලව නාවනකන් ඔන්න පැනපු ගමන් මේකලා කිවුවා මචං ඉනෝෂ් ( මගෙ යාළුවො මට කතා කලේ එහෙමයි ) අපි හතර දෙනා වට කරලා ගල් ගහල මුන් ව නාවමු කියලා
මගෙ සතුට කියා ගන්න බැරුව ගියා
අපි ඉතින් ගල් ගහනවා නංගිලා කැ ගහනවා
මර අතල් වැඩේ
ටික වෙලවක් මෙහෙම කරගෙන යද්දී
දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියනවානෙ
අන්න එහෙම දෙන දෙවියෙක් මාව දැකල මට දුන්න හොද කොන්ක්‍රිට් ගලක්
ගත්ත ගමන් මම සියලු දෙවි දෙවාතවන්ට පිං දීල අත පුරවලා අල්ලලා අර ගල ගැහුව නංගි කෙනෙක් ව ලස්සනට නෑවේවා කියල හිතලා
මගෙ ඉලක්කය හැමදාම වගෙ එදත් වැරදුනා
කතාවටත් කියනවනෙ පෙර කාලේ කල අකුසල් කවදා හෝ තැනකදී කවර හෝ මොහොතකදී එළව එළවා පළ දෙනවා කියලා

මටත් උනෙ 1ම තම
(එ වැරැද්ද නම් අපිට ජිවිත කාලේම මතක් වෙන දෙයක් උනා)
නංගි එක පාරම ඔලුව අල්ලගෙන කෑගහන්න ගත්තා අනෙ අක්කෙ මගෙ ඔලුව කියලා
මට උන් හිටි තැන් මතක නැති උනා
මම 4 කෙන්දරේම බලලා ගහපු ගල නංගි කෙනෙක් ගෙ නළල ට වැඩිල ලේ ගංගාවක් හලන්න ගත්තා
මම දුවන්න පටන ගත්තා නංගි ලගට මගෙ සෙට් 1ත් දුවගෙන එනවා මගෙ පස්සෙන්
නංගිගෙ සුදු ගවුම රතු පාටයී
ලේ ගලනවා නළලෙන්
නංගි අඩනවා "අක්කෙ මගෙ ඔලුව අක්කෙ"
එ අස්සෙ අපේ අසන්ගියා කියනවා
"නැ නැ නංගි ඔලුව නෙවෙයී නංගි නළල කියන්න" ලු
ඉතින් දෙන් මොකද කරන්නෙ මම නිකන් වැඩකරු වගෙ නංගිව උස්සලා ගත්ත (මගෙ යලුවො හිටියෙ නැත්තම් නංගි මායි දෙන්නම බිම නංගි උනාට මොකො එයා ටිකක් බරයී)
අපෙ සෙට් 1ත් මට ෆුල් හෙල්ප් 1 දිලා නගාව උස්සගෙන ආවා
රෙස්ට් රූම් 1ට පිස්සු හෙදිලා අයේ හැදෙනව කියන්නෙ මෙවට තමා මුලු ඉස්කොලෙම වැඩ නවත්තලා අපි දිහ බලන් ඉන්නවා (එදාද මන්දා අපි මුලු ඉස්කොලෙම ළමයි ටික දැක ගත්ත දවස )
අපි හතර දෙන ෂෙප් එකේ ටැප් 1ක් ලගට සෙට් උනා
ඇයි ඉතින් නංගි විතරක් නෙවෙයි අපිත් ලේ නාලනේ
දැන් ගවුනුත් සොදගත්තා කියන්නකො
අපෙ පන්තියේ සෙට් 1ම ඇවිල්ල විස්තරෙ අහනවා
කොහේ කියන්නද අපි හතර දෙන දැන් දියෙන් ගොඩ දාපු මළුවො වගෙ ගැහෙනවා
මුන් මේ බණ අහනවා
ඔන්න වැඩේ උච්චතම තැනට ආවා
ප්‍රින්සිපල් කිවුවලු අපිට බුලත් අරන් ආරාධනා කරන්න කලින් එයා ලඟට සම්ප්‍රාප්ත වෙන්න කියලා
අපි හතර දෙන හිත හදා ගත්තා මුලු ඉස්කොලෙ ම ඉස්සරහා නොන්ඩි වෙන්න යන්නෙ කියලා
මදුදුම බන්ඩර වගෙ අපෙ මේකලා ගිය ඉස්සරහින්ම
අසන්ගිත් උගෙ පස්සෙන් ගියා
අවන්තියා අන්තිමට එනවා ඌ හතර කෙන්දරෙ බලනවා බැජ් 1 බේරගන්න
අපි යනකොට මැඩම් එනවා වේවැල වන වනා අපේ අසන්ගිගේ කටට වචන එන්නෙ වක්කඩෙකින්ද මන්ද මූ කියන්වා "මචන්ලා අර බලපන් නැව ගිලුනත් බැන් චුන් අද අපි කන්නෙ ඔය වෙවැලෙන් තමා කවුද බං හිතුවේ මේ විදිහට ප්‍රසිද්දියේම කැම අපිට සෙට් වේ කියලා"

ගුටි පැත්තක තියලා මුලින්ම හින වෙලා හිටියා මුගේ කතා වලට කට්ටිය ගිහින් හිට ගත්තා මැඩම් ඉස්සරහින් පොලිමට
දැන් ඉතින් උසවියෙන් අහනවා වගේ ප්‍රශ්න අහන්න ගත්තා
"කොහොමද මේක උනේ?"
මම දැන් ගලපන්න හදනකොටම අර තුවල උනු නංගිගෙ යළුවා පටාස් ඉස්සර උනා
මම හිතුව ඌ අපෙ තොන්ඩුව තද කල තමයී කියලා
මොන පිස්සුද 33 කොටියක් ඉන්නවා කියන දෙවි වරු සෙට් 1ම එදා හිටියෙ අපිත් එක්ක
නංගිට ගණ දෙවියො ඩග් ගාලා නුවණ ටිකක් දිලා
නංගි පැනපු ගමන් කිවුවා
"නැ මැඩම් මෙයාව ලිස්සලා වැටුනා... මේ අක්කලා තම දැකල උස්සන් අවේ" කියලා
නගාට උම්මා 1ක් දෙන්න හිතුනා ඇත්තට
(මෙයා කිවුවට මොකද තුවල උනු නංගි එ වෙනකොටත් හොස්පිටල් අඩ්මිට් කරලා )
ඇඩෙනවා යකො දුශ්ඨයෙක්ට වත් පුලුවන්ද මෙහෙම උදව් කරන්න
අම්මො අපි හතර දෙනා තුස්නිම්භුත උනා
පෙනපු ගමන් වෙඩි වගේ අපි මිස් කෙනෙක් කිවුවා
"එ ළමයට මැහුම් 6ක්, 7ක් විතර දාන්න තප්පේ එම්බොස් කරල නැ වදින්න" කිවුවා
ඇඩෙනවානෙ
දැන් මොනවා කරන්නද
"කවුද ඔලුව පැලුවේ.......?"
එහා කොනෙන්ම හිටියෙ අවන්තියා
ප්‍රින්සිපල් දැක්කා අපේ අවාගෙ බැජ් 1ක
"ශිෂ්‍ය නායිකාවකුත් ඉදලා තියෙන්නේ"
"මෙහෙම අයත් ඉද්දි මෙහෙම දෙවල් වෙනවා නම් මෙයලා අපිට ඕනෙ නැ..."
ඔන්න දැන් අපෙ කට්ටියට වෙවැල් පුජාව පටන් ගන්න යන්නෙ කියල මට හිතුනා
අපේ කිසිම කෙනෙක් කට අරින්නෙ නෑ කවුද ගැහුවේ කියලා
පටාස් අවන්තියාට වැදුනා
1යි 2යී
මම වරද පිලිගන්න හදන කොටම අසන්ගියා ටත් පුජා වට්ටිය දුන්නා 2යී
මට තවත් ඉවසන 1 කේ තෙරුමක් නැනේ
මම කිවුවා "මගෙ අතින් තමයි වැදුනේ" කියලා
"ආ එහෙමද අහිංසකයා වගෙ ඉන්නෙ හරිය 10 ට වත් ගනන් කරගන්න බැ කියල මම හිතුවෙ"
(මම දැන ගෙන හිටියෙ නැ ප්‍රින්සිපල්ගෙ හිතේ මං ගැන එ තරම්ම පැහැදීමක් තිබුනා කියල අයියො කලින් කිවුවා නම් ඔහොම දෙයක් වෙන්නෙ නැනේ )
දැන් ඉතින් මොනව කරන්නද මේකලාටත් අඩු නැතුව පුජාව හම්බා උනා අර මම කලින් කියපු 33 කොටියක් දෙවිවරු මගෙ ලගම ඉදලද කොහෙද මට වැදුනෙ සෙට් 1ට වඩා අඩුවෙන් එ කිවුවේ 1යි
අනේ පව් අපිව බෙරගන්න ගිය නංගිට ත් අඬගහලම මැඩම් 2ක් දුන්නා දුම් දාන්න
පිස්සු බෝල බෝල වගේ අෆ්ෆා
වැඩේ එ විදිහට මතු සම්බන්ද උනා
දැන් නංගිව බලන්න යන්න ඕනෙනෙ හොස්පිටල් 1ට කොහෙ යන්නද
මෙන්න අරංචියක් එනවා නංගි පානදුරේ පින්වත්තෙ කියලා
බුදු අම්මෝ කියන දෙවාලෙක අපෙ සෙට් 1 වදින්න යන්න ලැස්ති එත් නංගිව නම් බලන්න යන්න බැලු
( එ පැත්තෙ ඉන්නෙ බොහොම දරුණු මිනිස්සු කියලා අපි අහල තියෙන්නෙ )
මොන නංගි බැලිල්ලක් ද?
අපි බය උන හොදටම
කොහොම හරි එදා ඉස්කොලෙ ඇරිලා ගෙදර ඇවිල්ල අම්මට සිද්දිය ගලපන්න ගිහාම තමා මම ඉතුරු ටික අහගත්තෙ කන් පෙත්තටම තියලා
එව නම් ලියන්න බැ තාමත් ඇඩෙනවා......

අපි ඉතින් පහුවදා නගාටා කැම බිම සෙරෙම උස්සගෙන ගියා හොස්පිටල් 1ට
එයාගෙ අම්ම තාත්තා අපිව හරිම සුහදව පිළිගත්තා
නගාට මැහුම් 5ක් දාල ඇස ළඟමයි තුවාල වෙලා තිබුනෙ
මම ඉතින් දන්න බාසව ඔක්කොම දාල එ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලුවා
මගෙ අහිංසක මූණ දැක්කම සමාව නොදෙන්නෙ කවුද එ අම්මායි තාත්තයි
"අනෙ දරුවො ඕව ඔහොම තමා" කියල කිවුවා
"ඉස්කොලෙ කාලේනෙ දරුවො "
කිවුව...
අනෙ අපිට ඇත්තට හිතුනා එදා ඒ දෙන්නට දන ගහලා බඩ ගාල වදින්න
ඔක්කොමත් හරි හැබැයී ඉතින් ඊට පස්සෙ අපි හතර දෙනා එනවා දැක්කහම චුටි නංගිලා දුවන්න ගත්තා ඉස්කොලෙ හරියට මැරයො එනවා දැකලා වගේ

අවන්තියා ටත් ඉතින් වැඩි දෙයක් උනේ නැ සතියක් විතර බැජ් 1 ගලවන්න උනු 1 විතරයි උනේ....
ඕක තමා අපි ගලපපු දඩබ්බරම සිද්දිය

හුදෙකලාවේ කවි සිතුවිලි


ජිවිතේ සුළගිල්ලෙන් ගිලිහිලා යද්දි
ඒ ජිවිතේ තවත් එකම එක වතාවක් වත් හුස්ම පොදක් අරන් ජිවත් කරවන්න තිබුනු එකම එක බලාපොරොත්තුව
තමන්ගෙම නො උනාට
තමන් ට හිමි කර ගන්න බැරි උනාට
මැරෙන කල් ජිවත් වෙන්නට
ඇස් දෙකේ දිය කරගන්න
මඟ බලාගෙනයි ඈ හිටියේ.....

Monday, March 1, 2010

හුදෙකලාවේ කවි සිතුවිලි


ම්.................
කාලයට හොරෙන්
හුගාක් මහන්සි වෙලා ගලප ගන්න මම උත්සහ කල මේ මිහිරියව හිමින් හිමින් ගලපගත්තෙ මේ විදිහටයී
ඇත්තටම කාලය ගලන් ගියා හිතා ගන්න බැරි තරම් වේගයෙන්
එත් මම එතනමයී
ජිවිතේ හුගාක් වෙලවට තනි උනාම කවි ලියන්න පුරුදු වෙල උන්නු මම කාලයත් එක්ක ම කවි ලියන්නම තනි වෙන්න උත්සහ කලා...
ජිවිතෙ හුගාක් අමරුවෙන් උනත් හිමිට ගලපගන්න පුලුවන් උනු මේ කවිය ජිවිත කාලය පුරම ආදරෙන් ලඟ තියගන්න පෙරුම් පුරන
අහිංසකි මං................

අහිංසකි

ම්.......
ඔන්න හා හා පුරා කියලා ඔක්කොටොම කලියෙන් ස්තුතී කරන්න ඕනේ මගේ මරණයට
මාව බ්ලොග් කරණයට පෙළබුවේ ඔහුයී
මේ සියල්ලම සකසා ගන්න තෙක් මා ලඟ සෙවණැල්ලක් සේ සිටියේ ඔහුයී
ස්තුතී "මගෙ මරණය ඔබට"